🐟 ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව
රැකියා අවස්ථාව
අයදුම්පත් කැඳවනු ලබන්නේ සුදුසුකම් ඇති ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන්, ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව තුළ පවතින පහත සඳහන් පුරප්පාඩුව සදහා වේ:
01. තනතුර – උප නියෝජ්‍ය මහා කළමනාකරු (මෙහෙයුම්)
📌 තනතුරු ගණන – තනතුරක් (01)
අවශ්‍ය සුදුසුකම්:
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රාධිකාරිය මඟින් පිළිගන්නා ඉංජිනේරු විෂයයන්හි (සිවිල් / යාන්ත්‍රික), කළමනාකරණය / ව්‍යාපාර කළමනාකරණය ආදියෙන් උපාධියක් (Degree) ලබාගෙන තිබිය යුතුය.
සමඟ
අදාළ ක්ෂේත්‍රයෙහි අධ්‍යාපන උපාධියක් (Masters) හෝ
අදාළ වෘත්තීය ක්ෂේත්‍රයට අදාල වෘත්තීය ආයතනයක සංබන්ධ සාමාජිකත්වය (Associate Membership)
සමඟ
අවම වශයෙන් වසර 15ක කළමනාකරණ මට්ටමේ පළපුරුද්දක්, රාජ්‍ය ආයතනයක්, සභාවක්, කොමිසමක් හෝ පිළිගත් පුද්ගලික ආයතනයක තිබිය යුතුය.
වැටුප් පරිමාණය:
📌 රු. 152,500 – 15x4,100 – 214,000
(මෙම වැටුප් විෂ්කම්මය 2027.01.01 සිට බලපැවැත්වේ)
📌 රජය විසින් අනුමත කරන ලද සියළුම දීමනා අයදුම්කරුට ලබා දෙනු ලැබේ.
වයස් සීමාව:
📌 අවුරුදු 35ක් හා 55ක් අතර විය යුතුය.
(දැනටමත් රාජ්‍ය අංශ, සභා, නීතිමය මණ්ඩල ආදියේ සේවය කරන අය සඳහා මෙම වයස් සීමාව අදාළ නොවේ)
අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ආකාරය:
රාජ්‍ය සේවයේ සේවය කරන අය නම්, තමන් සේවය කරන ආයතනයේ ආයතන ප්‍රධානි මගින් අත්සන් කළ අයදුම්පත් යොමු කළ යුතුය.
සම්පුර්ණ කරන ලද අයදුම්පත, අදාළ තනතුර සදහන් කර ඇති ලිපි අඩවියකින් ලියාපදිංචි තැපැල් මඟින් පහත ලිපිනයට යොමු කළ යුතුය:
📬
සභාපතිතුමා,
ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව,
අංක 15, රොක්්හවුස් මාවත,
කොළඹ – 15.
🗓️ දැනුම්දීම පළ කරන ලද දිනයේ සිට දින 07ක් ඇතුළත අයදුම්පත් යොමු කළ යුතුය.
📌 ලියුමේ වම ඉහළ කෙළවරේ “අයදුම් කළ තනතුර” සටහන් කළ යුතුය.
|
|
Sri Lankan Government
Deputy General Manager – Ceylon Fishery Harbours Corporation Vacancies 2025
0 Vacancy
-
Full Time
No. 15, Rockhouse Avenue, Colombo – 15
|