🏛️ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය
වාස්තු විද්‍යාඥ (Architect) – පුරප්පාඩු
තනතුරු සංඛ්‍යාව : 01
බාහිර අයදුම්කරුවන් සඳහා
📢 අයදුම්පත් කැඳවීම
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාස්තු විද්‍යාඥ (Architect) තනතුර පිරවීම සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
🎓 අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්
1️⃣ විශ්ව විද්‍යාල උපාධිය
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත්
වාස්තු විද්‍යා උපාධියක් හෝ
නිර්මිත පරිසරය පිළිබඳ උපාධියක් ලබා තිබීම
සහ
උපාධිය ලබාගත් පසු, තනතුරට අදාළ විෂය ක්ෂේත්‍රයේ
👉 අවම වශයෙන් වසර 01ක පළපුරුද්ද
හෝ
2️⃣ වෘත්තීය සාමාජිකත්වය
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥවරුන්ගේ ආයතනයේ (SLIA)
ආරම්භක / ආශ්‍රිත සාමාජිකත්වය ලබා තිබීම
සහ
සුදුසුකම් ලබාගත් පසු, තනතුරට අදාළ විෂය ක්ෂේත්‍රයේ
👉 අවම වශයෙන් වසර 01ක පළපුරුද්ද
💰 වැටුප් පරිමාණය
MM 1-1
රු. 91,690 – 10 × 2,480 – 15 × 3,450 = රු. 168,240/-
📌 කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025 හි
උපලේඛන II අනුව 2027.01.01 දින දක්වා අදියරගත කාලසීමාව තුළ වැටුප් ගෙවීම් සිදු කරනු ලැබේ.
🔹 අනෙකුත් දීමනා
රජය විසින් අනුමත සියළුම දීමනා සහ ජීවන වියදම් දීමනාව
දුරකථන බිල්පත් සීමාවකට යටත්ව ප්‍රතිපූර්ණය කිරීම
🎂 වයස් සීමාව
අවුරුදු 22 ට නොඅඩු හා අවුරුදු 45 ට නොවැඩි විය යුතුය
අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ
👤 සාමාන්‍ය සුදුසුකම්
සෑම අයදුම්කරුවෙකුම,
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට අවශ්‍ය
කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය
විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය
📌 තනතුරට අදාළ පොදු කොන්දේසි
මෙම තනතුර ස්ථිර වන අතර විශ්‍රාම වැටුප් රහිතය
සේවක අර්ථසාධක අරමුදල (EPF)
සේවක දායකත්වය : 10%
සේව්‍යා දායකත්වය : 15%
සේවක භාරකාර අරමුදල (ETF)
සේව්‍යා දායකත්වය : 3%
රාජ්‍ය සංස්ථා / ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අය
👉 ආයතන ප්‍රධානියා හරහා අයදුම් කළ යුතුය
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගැනීම් සිදු කරනු ලැබේ
අයදුම්කරු පිළිබඳ වාර්තා ලබාගත හැකි
👉 ඥාතීන් නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් සහ ලිපිනයන්
අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද සනාථ කරන
👉 සහතික වල ඡායා පිටපත් අයදුම්පත සමඟ අමුණා එවිය යුතුය
අයදුම්පත් භාරගන්නා අවසාන දිනට
👉 සියළුම සුදුසුකම් සපුරා තිබිය යුතුය
📄 අයදුම් කළ යුතු ආකාරය
සුදුසුකම් ඇති අයදුම්කරුවන්,
අධ්‍යාපනික, වෘත්තීය සුදුසුකම්
පළපුරුද්ද
පෞද්ගලික තොරතුරු
ඇතුළත් ජීව දත්ත සටහන (CV)
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ
👉 අයදුම් කරන තනතුර සඳහන් කර
2026.02.20 දිනට පෙර
ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
📌 ප්‍රමාද වූ, අපහැදිලි හෝ අසම්පූර්ණ අයදුම්පත්
👉 දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
📮 අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය
සාමාන්‍යාධිකාරි
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය
1වන මහල,
ජාතික නිවාස දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල,
සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02
|
|
Sri Lankan Government
Architect – Condominium Management Authority Vacancies 2026
0 Vacancy
-
Full Time
1st Floor, National Housing Department Building, Sir Chittampalam A. Gardiner Mawatha, Colombo 02, Colombo 2, Colombo, Sri Lanka
|